සූර්ය බල සංග්‍රාමයේ ප්‍රගතිශීලී හැරවුම


වසර 2050වන විට ශ්‍රී ලංකාවට අවශය්‍ය කරණ සම්පූර්ණ විදුලිය ප්‍රමාණය දේශීය පුනර්ජනනීය මූලාශ්‍ර වලින් ලබාගැනීම රජයේ අපෙක්ෂවයි.මේ සඳහා මූලික පියවරක් ලෙස විදුලි පාරිබෝගිකයන් ද විදුලි නිෂ්පාදකයින් වශයෙන් විදුලි ජනන ක්‍රිරියාවලියට සම්බන්ධ කර ගනිමින් තම නිවෙස්වල වහල මත ඉදිකෙරෙන කුඩා සූර්ය බලාගාර ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් 'සූර්ය බල සංග්‍රාමය' නමින් ක්‍රියාවට නංවයි.මේ යටතේ විදුලි පාරිබෝගිකයන් මිලියනයක් විදුලි නිෂ්පාදකයින් බවට පත් කිරීමට අපෙක්ෂිත අතර, නිෂ්පාදනය කර ජාතික විදුලිබල පද්ධතියට එකතු කරනු ලබන අතිරික්ත විදුලිය සඳහා රජය විසින් ගෙවීම් කිරීමටද නියමිතය.ඕනෑම විදුලි පර්‍රබෝගිකයෙකුට, මෙම ව්‍යාපෘතිය යටතේ තම වහලය සූර්ය විදුලි බලාගාරයක් බවට පත්කළ හැකිය


මෙම ව්‍යාපෘතියෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ


  • ඔබ තෝරාගන්නා ක‍්‍රමය අනුව විදුලි බිල සඳහා වැයවන මුදල සම්පුර්ණයෙන්ම උපයා ගත හැකි වීම.
  • වසර 7ක් තුළ නැවත ගෙවීමේ පදනම මත ක්‍රියාත්මක වන රාජ්‍ය සහ පෞද්ගලික වාණිජ බැංකු මගින් ක්‍රියාත්මක සහනදායි ණය පහසුකම් ලබාගැනීමට හැකිවීම.
  • සුර්යබල සංග‍්‍රාමයේ ඉදිරිපත්කොට ඇති යෝජනා ක‍්‍රම තුනෙන් එක ක‍්‍රමයකට අනුගතව දිවයියන් ඕනෑම ස්ථානයක විදුලි පාරියභෝගිකයෙකුට ප‍්‍රතිලාභ ලැබිය හැකි වීම
  • ජලාගත ශුද්ධ මනුකරණ පද්ධතිය සවි කිරීමට ඔබගේ නිවසේ දැනට පවතින ගෘහස්ථ විදුලි රැහැන් පරිපථයේ වෙනසක් සිදුකිරීමට අවශය්‍ය නොවීම


මෙම ව්‍යාපෘතියෙන් රටට ලැබෙන ප‍්‍රතිලාභ


  • සූර්ය බලය නොමිලේ ලැබෙන බලශක්ති ප‍්‍රභවයක් බැවින් ගල් අගුරු හා පොසිල ඉන්ධන සඳහා වැය වන විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් රටට ඉතිරි වේ.
  • පරිසර හිතකාමි සූර්ය බලශක්ති භාවිතය මගින් වාර්ෂිකව මෙ.ටො. 150,000 ක පමණ CO2 වායු විමෝචන වලක්වා ගැනීම සහ ගෝලීය උණුසුම ඉහලයාම වලක්වා ගැනීමට දායකවීම
  • සූර්ය විදුලි බලාගාර දිවයින පුරා විසිරීමෙන් ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායීතාවය තහවුරු වීම
  • විදුලි බලය සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ හානිය අවම වේ.
  • දැනුවත් ප්‍රජාවක් හා පරිසර හිතකාමී ජන සමාජයක් බිහිවීම සහ නව රැකියා උත්පාදනය වීම
  • අඩු ආදයම් ලාභී පවුල් මේ ක්‍රමයට යොමු වීම හරහා ආදායම් බෙදීයාමේ විශමතාවය අඩුවීම

ඔබගේ විදුලි පරිභෝජන රටාව හා කැමැත්ත අනුව සුදුසුම යෝජනා ක්‍රමය තෝරාගත හැක



01

වහල මත සවිකරන සූර්ය පැනල මඟින් ජනනය කරන විදුලිය ඒකක ගණන, පරිභෝජනය කරන විදුලි ඒකක ගණනට වඩා අඩුනම් එම වෙනසට පමණක් මණ්ඩලයට මුදල් ගෙවීම. ජනනය කරන ඒකක ප්‍රමාණයේ අතිරික්තයක් ඇත්නම් වසර 10ක් දක්වා හිඟ අවස්ථාවන්වලදී හිලව් කිරීමට එම ශේෂය ඉදිරියට පවත්වාගෙන යාමට හැකි වීම. (Net Metering)

02

තම වහල මත සවිකරන සූර්ය පැනල මඟින් ජනනය කරන විදුලි ඒකක ගණන නිවාස හිමියා විසින් පාවිච්චි කරන ලද විදුලි ඒකක ගණනට වඩා වැඩි නම් මණ්ඩලය මඟින් නිවාස හිමියාට ගෙවීමක් කරයි. නිවසේ ජනනය කළ විදුලි ප්‍රමාණය අඩු නම් ගෙහිමියා මණ්ඩලයට ගෙවීමක් සිදුකිරීමේ ක්‍රමය.
(Net Accounting)

03

තම වහල මත සූර්ය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කරන නිවාස හිමියන් නිෂ්පාදනය කරන විදුලි ඒකක ගණනට මණ්ඩලය මගින් නිවාස හිමියාට ගෙවීම් සිදුකරනු ලබයි නිවසේ බිල්පත ගෙහිමියා මණ්ඩලයට ගෙවයි


(Net Plus)